Ultimate magazine theme for WordPress.

Legends League: අර්ජුනටත් ප්‍රධාන වගකීමක් ; කණ්ඩායම් තුනේ සංචිත හා කාලසටහන මෙන්න

විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් Legends League ක්‍රිකට් තරගාලිය ආරම්භ වීම සදහා තවත් ඇත්තේ දින දෙකක් පමණයි.

කණ්ඩායම් 3ක් මෙම තරගාවලියට එක් වන අතර, තරගාවලිය එළඹෙන 20 වැනිදා සිට ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි.

India Maharajas, Asia Lions හා World Giants යනුවෙන් තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 3 නම් කර තිබෙනවා.

ආසියානු කණ්ඩායම සදහා ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් 9 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම විශේෂත්වයක්.

එමෙන්ම එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ 1996 ලෝක ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතායි.

ආසියානු කණ්ඩායම සදහා සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරන, තිලකරත්න ඩිල්ෂාන්, චමින්ද වාස්, මුත්තයියා මුරලිදරන්, උපුල් තරංග, නුවන් කුලසේකර, අජන්ත මෙන්ඩිස් හා දිල්හාර ප්‍රනාන්දු යන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් ඇතුළත්.

තරගාවලිය Sony Ten 1 හා Sony Ten 3 නාලිකා ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිතයි.

  • තරග කාලසටහන:

January 20 : India Maharajas vs Asia Lions, 8 PM IST

January 21 : Wolrd Giants vs Asia Lions, 8 PM IST

January 22 : World Giants vs India Maharajas, 8 PM IST

January 24 : Asia Lions vs India Maharajas, 8 PM IST

January 26 : India Maharajas vs World Giants, 8 PM IST

January 27 : Asia Lions vs World Giants, 8 PM IST

January 29: Final, 8 PM IST

  • සංචිත:

India Maharajas:

Virender Sehwag, Yuvraj Singh, Harbhajan Singh, Irfan Pathan, Yusuf Pathan, Badrinath, RP Singh, Pragyan Ojha, Naman Ojha, Manpreet Gony, Hemang Badani, Venugopal Rao, Munaf Patel, Sanjay Bangar, Nayan Mongia, and Amit Bhandari

Asia Team:

Shoaib Akhtar, Shahid Afridi, Sanath Jayasuriya, Muttiah Muralitharan, Kamran Akmal, Chaminda Vaas, Romesh Kaluwitharana, Tillakaratne Dilshan, Azhar Mahmood, Upul Tharanga, Misbah-ul-Haq, Mohammed Hafeez, Shoaib Malik, Mohammed Yousuf, Umar Gul, Asghar Afghan, Nuwan Kulasekara, Ajantha Mendis and Dilhara Fernando

Rest of the World (World Giants):

Daren Sammy, Daniel Vettori, Brett Lee, Jonty Rhodes, Kevin Pietersen, Imran Tahir, Owais Shah, Herschelle Gibbs, Albie Morkel, Morne Morkel, Corey Anderson, Monty Panesar, Brad Haddin, Kevin O’Brien, and Brendan Taylor.

Leave a comment