Ultimate magazine theme for WordPress.

IPL සංචිතවලින් නිදහස් කෙරුණු ක්‍රීඩකයින් ලැයිස්තුව මෙන්න

2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් සිය සංචිතවල රදවා ගත් හා නිදහස් කෙරුණු ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මේ වන විට සම්පූර්ණයෙන් නිවේදනය කර තිබෙනවා.

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කෝචි හී දී පැවැත්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 23 වැනිදායි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන වනිදු හසරංග(RCB), මතීෂ පතිරණ(CSK), මහීෂ් තීක්ෂණ(CSK) හා භානුක රාජපක්ෂ(PBKS) යන ක්‍රීඩකයින් සිය සංචිතවල රදවා ගැනීමට ඒ ඒ කණ්ඩායම් පියවර ගෙන තිබූ අතර, චාමික කරුණාරත්න(KKR) හා දුෂ්මන්ත චමීර(LSG) සිය සංචිතවලින් නිදහස් කිරීමටයි ඔවුන් නියෝජනය කළ කණ්ඩායම් පියවර ගෙන තිබුණේ.

මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ප්‍රබල ක්‍රීඩකයින් රැසක් ද සිය සංචිතවලින් නිදහස් කිරීමට විවිධ හේතු මත පදනම්ව කණ්ඩායම් හිමිකරුවන් පියවර ගෙන තිබෙනවා.

කණ්ඩායම් 10 විසින් නිදහස් කර ඇති ක්‍රීඩක ලැයිස්තුව පහතින් –

  1. Delhi Capitals: Shardul Thakur, Tim Seifert, Ashwin Hebbar, KS Bharat, Mandeep Singh
  2. Rajasthan Royals: Anunay Singh, Corbin Bosch, Daryl Mitchell, James Neesham, Karun Nair, Nathan Coulter-Nile, Rassie van der Dussen, Shubham Garhwal, Tejas Baroka
  3. RCB: Jason Behrendorff, Aneeshwar Gautam, Chama Milind, Luvnith Sisodia, Sherfane Rutherford
  4. Lucknow Super Giants: Andrew Tye, Ankit Rajpoot, Dushmantha Chameera, Evin Lewis, Jason Holder, Manish Pandey, Shahbaz Nadeem
  5. Gujarat Titans: Rahmanullah Gurbaz, Lockie Ferguson, Dominic Drakes, Gurkeerat Singh, Jason Roy, Varun Aaron
  6. KKR: Pat Cummins, Sam Billings, Aman Khan, Shivam Mavi, Mohammad Nabi, Chamika Karunaratne, Aaron Finch, Alex Hales, Abhijeet Tomar, Ajinkya Rahane, Ashok Sharma, Baba Indrajith, Pratham Singh, Ramesh Kumar, Rasikh Salam, Sheldon Jackson
  7. Punjab Kings: Mayank Agarwal, Odean Smith, Vaibhav Arora, Benny Howell, Ishan Porel, Ansh Patel, Prerak Mankad, Sandeep Sharma, Writtick Chatterjee
  8. Chennai Super Kings: Dwayne Bravo, Robin Uthappa, Adam Milne, Hari Nishaanth, Chris Jordan, Bhagath Varma, KM Asif, Narayan Jagadeesan
  9. Sunrisers Hyderabad: Kane Williamson, Nicholas Pooran, Jagadeesha Suchith, Priyam Garg, Ravikumar Samarth, Romario Shepherd, Saurabh Dubey, Sean Abbott, Shashank Singh, Shreyas Gopal, Sushant Mishra, Vishnu Vinod
  10. Mumbai Indians: Kieron Pollard, Anmolpreet Singh, Aryan Juyal, Basil Thampi, Daniel Sams, Fabian Allen, Jaydev Unadkat, Mayank Markande, Murugan Ashwin, Rahul Buddhi, Riley Meredith, Sanjay Yadav, Tymal Mills
Show Comments (1)