Ultimate magazine theme for WordPress.

IPL පිටියට පළමු වරට අමෙරිකානුවෙක් – කොල්කටා පිල තහවුරු කරයි

තම කණ්ඩායම විසින් අමෙරිකානු වේග පන්දු යවන ක්‍රීඩක අලී ඛාන් සමග මෙවර අයි.පී.එල් තරග වාරය වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළ බව කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ, ආබාධයකට ලක් වූ Harry Gurney වෙනුවටයි.

ඒ අනුව 29 හැවිරිදි අලී ඛාන් ඉතිහාසගත වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කණ්ඩායමකට ඇතුළත් වූ පළමු අමෙරිකානු ක්‍රීඩකයා ලෙසයි.

ඔහු නිමා වූ කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද ක්‍රීඩා කළා.

ඒ, තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසින් ශූරතාවය දිනා ගත් ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන්.

එහිදී ඔහු තරග 8කට ක්‍රීඩා කර කඩුලු 8ක් බිද හෙලීමට සමත් වුණා.

Leave a comment