Ultimate magazine theme for WordPress.

IPL තරග කාලසටහන එළිදකියි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ පළමු තරගය එළඹෙන 19 වනදා පසුගියවර ශූරයින් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

එක් දිනකදී තරග ද්විත්වයක් පැවැත්වෙන දින 10ක් ද මෙවර තරගාවලියට ඇතුළත්.

දහවල් ආරම්භ වන තරග මෙරට වේලාවෙන් පස්වරු 3.30ටද, රාත්‍රී තරග පස්වරු 7.30ට ද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මෙවර පැවැත්වෙන තරගාවලියේ තරග 24ක් ඩුබායි හී දී ද, තරග 20ක් අබුඩාබි හී දී ද තරග 12ක් සාජා හී දී ද පැවැත්වෙනු ඇති.

තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගන පසුව ප්‍රකාශයට පත් කරන බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේනදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

තරග කාලසටහන පහතින් –

Dream-11-IPL-2020-Match-Schedule-UAE

Leave a comment