Ultimate magazine theme for WordPress.

IPL තරගාවලියට ඉන්දීය රජයේ අනුමැතිය

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා ඉන්දීය රජයේ අනුමැතිය එරට ක්‍රිකට් ආයතනයට හිමිව තිබෙනවා.

අයි.පී.එල් පාලක සභාවේ සභාපති බ්‍රිජේෂ් පටෙල් ඒ බව තහවුරු කළ බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය සදහන් කරන්නේ.

ඉන්දියාවේ ක්‍රීඩා සංගමයක් සංවිධාන කරන දේශීය තරගාවලියක් වෙනත් රටක පවත්වන්නේනම් ඒ සදහා එරට රජයේ අනුමැතිය අනිවාර්යයෙන් අවශ්‍යවනවා.

මෙවර අයි.පී.එල් තරගාවලිය ලබන සැප්තැම්බර් 19 වනදා සිට නොවැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමටයි මේ වන විට සැලසුම් කර ඇත්තේ.

සාජා, අබුඩාබි සහ ඩුබායි යන නගර වලදී තරගාවලිය පැවැත්වෙනු ඇති.

කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා අවශ්‍ය ලිඛිත අනුමැතිය තමන් වෙත ලැබුණු බවයි අයි.පී.එල් පාලක සභාවේ සභාපති බ්‍රිජේෂ් පටෙල් සදහන් කර ඇත්තේ.

අයි.පී.එල් තරගාවලියට එක් වන බොහෝ කණ්ඩායම් අගෝස්තු 20 වනදායින් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ළගා වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment