Ultimate magazine theme for WordPress.

IPL කාන්තා තරගාවලිය අද ඇරඹේ – චමරි සහ ශෂිකලාත් තරග බිමට

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව මෙවරත් පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර 20යි 20 අභියෝගතා ක්‍රිකට් තරගාවලිය (Women’s T20 Challenge) අද ආරම්භ වනවා.

මෙවර තරගාවලියට ද Supernovas, Trailblazers සහ Velocity යනුවෙන් කණ්ඩායම් 3ක් එක්වන අතර, එම කණ්ඩායම්වල නායිකාවන් ලෙස පිළිවෙලින් හර්මන්ප්‍රීට් කෝවුර්, ස්ම්රිටි මන්දනා සහ මිතාලි රාජ් කටයුතු කරනු ඇති.

පළමු තරගය අද රාත්‍රී 7.30ට සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන්නේ Velocity සහ Supernovas කණ්ඩායම් අතරයි.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන ද Supernovas කණ්ඩායම නියෝජනය කරනවා.

තරග 4කින් යුත් තරගාවලිය අද සිට 9 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අතර, ඊට ඉන්දීය ක්‍රීඩිකාවන් හැරුණු විට දකුණු අප්‍රිකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශය, නවසීලන්තය සහ තායිලන්තය යන රටවලින් ද ක්‍රීඩිකාවන් එක් වන බව සදහන්.

සංචිත සහ තරග කාලසටහන –

BCCI
BCCI
Leave a comment