Ultimate magazine theme for WordPress.

IPL ඉතිරි තරග එංගලන්තයේ දී පවත්වන්නැයි ප්‍රාන්ත කිහිපයකින් ඉල්ලීම්

ADVERTISEMENT

අතරමගදී අත්හිටුවීමට පසුගියදා තීරණය කෙරුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් මාසයේ දී එංගලන්තයේ දී පැවැත්වීම සම්බන්ධයෙන් එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් කිහිපයක අවධානය යොමුව තිබෙනවා.

ප්‍රාන්ත කිහිපයක් විසින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනයට ලිපියක් ද යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වර්වික්ෂෙයාර්, සරේ, ලැන්කෂෙයාර් සහ මාරිලිබෝන් ක්‍රිකට් සමාජය මේ සදහා උනන්දුවක් දක්වමින් අදාළ ලිපිය යොමු කර ඇති බව සදහන්.

කෙසේ වෙතත්, ඉන්දීය ක්‍රිකට් ආයතනය අදාළ තරගාවලිය වෙනත් රටක පැවැත්වීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

තරගාවලියේ ඉතිරි තරග 31 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා ද ඇතැම් විට ඉන්දීය ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමු වීමට ඉඩ තිබෙනවා.

ALSO READ : IPL බුබුලට කොරෝනා රිංගුවේ කොහොමද කියලා ඇත්තටම මම දන්නේ නෑ : ගංගුලි.

ALSO READ : මහේල මාලදිවයිනේ නිරෝධායනයට යොමු කෙරේ

Leave a comment
x