Ultimate magazine theme for WordPress.

IPL අත්හිටුවීම නිසා කෝටි දහස් ගණනක දැවැන්ත පාඩුවක්

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරමගදී අත්හිටුවීමට සිදු වීම නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉන්දීය රුපියල් කෝටි 2000කට වැඩි ආදායමක් අහිමි වී තිබෙනවා.

විකාශන සහ අනුග්‍රාහක මුදල් අහිමි වීම ඔස්සේ මෙම මූල්‍ය පාඩුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්දීය රුපියල් කෝටි 2200ක පමණ මූල්‍ය පාඩුවක් මෙහිදී සිදු වන බව ඉන්දීය ක්‍රිකට් බළධාරීයෙකු පී.ටී.අයි පුවත් සේවය වෙත සදහන් කර තිබෙනවා.

තරග 60ක් මෙවර තරගාවලියේ දී පැවැත්විමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලිය අත්හිටුවන විට පවත්වා තිබුණේ තරග 29ක් පමණයි.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් ආයතනයට වැඩිම පාඩුවක් සිදු වන්නේ විකාශන අයිතිය හිමි ස්ටාර් ස්පෝර්ස් ආයතනයෙන්.

දෙපාර්ශවය අතර වසරක පහක කාලයක් සදහා ගිවිසුම් අත්සන් තබා ඇති අතර, එහි සමස්ත වටිනාකම රුපියල් කෝටි 16,347ක්.

එම ගිවිසුමට අනුව වසරක වටිනාකම සටහන් වන්නේ රුපියල් කෝටි 3269.4ක් ලෙසයි.

තරග 60ක් වාර්ෂිකව පැවැත්වෙන්නේනම් එක් තරගයක වටිනාමක වන්නේ රුපියල් කෝටි 54.5 ක පමණ අගයක්.

ඒ අනුව ස්ටාර් ස්පෝර්ට් ආයතනය තරගයක් පාසා ගෙවීම් සිදු කළහොත් මෙවර තරග වාරය යටතේ පැවැති තරග 29 වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමි වන්නේ රුපියල් කෝටි 1580 ක මුදලක්.

තරගාවලියේ සියලු තරග නියමිත පරිදි පැවැත්වූයේ නම් රුපියල් කෝටි 3270 මුදලක් ඔවුන්ට හිමි වනු ඇති.

ඒ අනුව ක්‍රිකට් පාලක මණ්ඩලයට ඉන් සිදු වන මූල්‍ය පාඩුව රුපියල් කෝටි 1690ක්.

මේ අතර, තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා වන VIVO සමාගමෙන් රුපියල් කෝටි 440ක මුදලක් තරග වාරයක් සදහා (වරසක්) ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට හිමි වනවා.

කෙසේ වෙතත්, තරගාවලිය අතරමගදී කල් දැමීම නිසා එම මුදලින් ද අඩකට අඩු සංඛ්‍යාවක් ක්‍රිකට් පාලක මණ්ඩලයට අහිමි වනු ඇති.

ඊට අමතරව තවත් සමාගම් කිහිපයක්ම අයි.පී.එල් තරගාවලිය සදහා අනුග්‍රාහකත්වය දරනු ලබනවා.

එම සමාගම් ද කෝටි 120 බැගින් ගෙවීම් සිදු කරනවා.

මේ සියලු කරුණු හේතුවෙන් කණ්ඩායම් 8 සදහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් බෙදා හරිනු ලබන මූල්‍ය ප්‍රමාණයන් ද අඩකින් පමණ මෙවර අඩු වනු ඇති.

Leave a comment