Ultimate magazine theme for WordPress.

ICC Hall of Fame ක්‍රීඩක ලැයිස්තුවට අලුත් මුහුණු 3ක්

ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුව හෙවත් ICC Cricket Hall of Fame ලැයිස්තුවට තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු ඇතුළත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව පාකිස්තාන හිටපු දග පන්දු යවන ක්‍රීඩක අබ්දුල් කාදීර්, එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු නායිකාවක වන Charlotte Edwards හා බටහිර ඉන්දීය කොදෙව් හිටපු සුපිරි පිතිකරුවෙකු වන ශිව්නරීන් චන්දර්පෝල් මෙම ලැයිස්තුවට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අයි.සී.සී Hall of Fame ක්‍රීඩක ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුළත්.

ඒ අනුව 2016 වසරේ දී මුත්තයියා මුරලිදරන් ද, 2021 වසරේ දී කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ද මෙම ලැයිස්තුව සදහා ඇතුළත් කෙරුණා.

Show Comments (1)