Ultimate magazine theme for WordPress.

“ICC සභාපති වෙන්න මට හදිස්සියක් නැහැ.” – ගංගුලි

ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධූරය ලබා ගැනීම සදහා තමාට මෙම අවස්ථාවේ කඩිනම් අවශ්‍යතාවයක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පවසනවා.

මෙය ඊට සුදුසු කාලය දැයි සැකයක් පවතින බවයි ඔහු සදහන් කර ඇත්තේ.

ශශාන්ක් මනෝහාර් අයි.සී.සී සභාපතිධූරයෙන් ඉවත් වීමත් සමග එම ධූරය සදහා පත්විය යුත්තේ සෞරව් ගංගලි බවට පාර්ශව කිහිපයක්ම අදහස් දක්වා තිබුණා.

“ඔබ අයි.සී.සී ස්වාධීන සභාපතිවරයා වෙනවානම් ඔබට සිද්ධවෙනවා ඔබ නියෝජනය කරන ක්‍රිකට් ආයතනයේ දරන තනතුරෙන් ඉවත් වෙන්න. පෙර පැවැති ආකාරයෙක් තනතුරු දෙකම දරන්න වත්මන් අයි.සී.සී ව්‍යවස්ථාවෙන් අවසර ලැබෙන්නේ නැහැ. නමුත් වත්මන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවෙන් වෙනත් තනතුරක් දැරීමට අවසර තියෙනවා.”

යනුවෙන් සෞරව් ගංගුලි සදහන් කළ බවයි ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

“මෙම අවස්ථාවේ එය නිවැරැදිදැයි මම දන්නේ නැහැ. මෙම අවස්ථාවේ ඉන්දීය ක්‍රිකට් ආයතනය හැර යන්න අවසර ලැබෙයිද කියල මම දන්නෙත් නැහැ. මම ඉක්මන් වෙන්නේ නැහැ.”

Leave a comment