Ultimate magazine theme for WordPress.

ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ පෙරමුණ ඉන්දියාවට

ADVERTISEMENT

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා.

ඒ, අද(19) දිනයේ දී ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් තරග 2-1ක් ලෙස ජය ගැනීමත් සමගයි.

ඉන්දියාව හිමි කර ගෙන ඇති ජයග්‍රහන ප්‍රතිශතය 71.7% ක්.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය 70.0%ක ජයග්‍රහන ප්‍රතිශතකයට හිමිකම් කියන නවසීලන්තයට හිමිව ඇති අතර, මෙතෙක් පෙරමුණ ගෙන සිටි ඔස්ට්‍රේලියාවට මේ වන විට හිමිව ඇත්තේ තෙවැනි ස්ථානයයි.

ඔවුන්ට හිමි ජයග්‍රහන ප්‍රතිශතය 69.2%ක්.

ශ්‍රී ලංකාව එහි 7 වැනි ස්ථානයේ පසුවන අතර, ශ්‍රී ලංකාවේ ජයග්‍රහන ප්‍රතිශතය සටහන්ව ඇත්තේ 19% ක් ලෙසයි.

ICC
Leave a comment