Ultimate magazine theme for WordPress.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

දෙසැම්බර් මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නවසීලන්ත දග පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල් තේරී පත්ව ඇති බව ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) අද(10) නිවේදනය කළා.

ඒ, ඉන්දියාවට එරෙහිව මුම්බායිහි පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ දී ඔහු කඩුලු 10ක් දවා ගනිමින් දැක් වූ දක්ෂතාවය පදනම් කර ගනිමින්.

ඉනිමක දී කඩුලු 10 ම දවා ගත් ටෙස්ට් ඉතිහාසයේ තෙවන පන්දු යවන්නා ලෙසයි ඔහු වාර්තා අතරට එක් වුණේ.

එම තරගයේ දී අජාස් පටෙල් බිද හෙලූ සමස්ත කඩුලු ගණන 14ක්.

අජාස් පටෙල්ට අමතරව මයාන්ක් අගාර්වල් හා මිචෙල් ස්ටක් ද මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අතරට ඇතුළත්ව තිබුණා.

 

Leave a comment