Ultimate magazine theme for WordPress.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව නිවේදනය කෙරේ

මැයි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් තේරී පත්ව තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේ දී සහ දෙවැනි ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

මැයි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම අතරට ශ්‍රී ලංකා නවක දග පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ද ඇතුළත්ව සිටියා.

බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ දී ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ප්‍රවීන් ජයවික්‍රම එලෙස නිර්දේශිත නාම අතරට එක්ව තිබුණා.

ඔහුට අමතරව නිර්දේශිත නාම අතරට ඇතුළත්ව සිටි අනෙක් ක්‍රීඩකයා වූයේ පාකිස්තානයේ හසන් අලී.

මේ අතර, මැයි මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කර ඇත්තේ ස්කොට්ලන්ත ක්‍රීඩිකා Kathryn Bryce.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මාධ්‍යවේදීන්, තරග විකාශකයින් සහ අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් හි (ICC Hall of Fame) සාමාජිකයින් ඇතුළත් ස්වාධීන අයි.සී.සී මනාප ඇකඩමිය විසින් ප්‍රේක්ෂක මනාපයන් ද සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය මාසිකව පිරිනමනු ලබනවා.

ICC Voting Academy for ICC Player of the Month May 2021:

Afghanistan: Hameed Qayoomi and Javed Hamim; Australia: Melinda Farrell and Lisa Sthalekar; Bangladesh: Tarek Mahmud and Mohammad Isam England: Elizabeth Ammon and Claire Taylor; Ireland: Ian Callender and Isobel Joyce; India: Annesha Ghosh and VVS Laxman New Zealand: Mark Geenty and John Wright; Pakistan: Faizan Lakhani and Ramiz Raja; South Africa: Firdose Moonda and Makhaya Ntini; Sri Lanka: Neville Victor Anthony and Russel Arnold; West Indies: Ian Bishop and Merissa Aguilleira; Zimbabwe: Tristan Holme and Mpumelelo Mbangwa; Others: Paul Radley and Dirk Nannes.

Leave a comment