Ultimate magazine theme for WordPress.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

අයි.සී.සී ඔක්තෝබර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි තේරී පත් වී තිබෙනවා.

20යි 20 තරග පිටියේ දී ඔක්තෝබර් මාසයේ දී ඔහු දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි මෙම සම්මානයෙන් කෝලි පිදුම් ලබා ඇත්තේ.

එම සම්මානය සදහා මෙවර නිර්දේශ කර තිබූ අනෙක් ක්‍රීඩකයින් දෙදෙනා වූයේ සිම්බාබ්වේ හි සිකන්ඩ රාසා හා දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර්.

ඔක්තෝබර් මාසයේ දී විරාට් කෝලි ක්‍රීඩා කර ඇත්තේ ඉනිම් 4 ක් පමණයි. එහිදී සුවිශේෂී දක්ෂතා දැක් වූ 34 හැවිරිදි කෝලි 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේ දී නොදැවී ලකුණු 82 (53) ක් ලබා ගනිමින් ඉන්දියාවට සුපිරි ජයක් ද හිමි කර දීමට සමත් වුණා.

Leave a comment