Ultimate magazine theme for WordPress.

ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා නිවේදනය කෙරේ

සැප්තැම්බර් මාසයේ අයි.සී.සී ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පාකිස්තාන ආරම්භක පිතිකරු මොහමඩ් රිස්වාන් තේරී පත්ව තිබෙනවා.

අයි.සී.සී 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන ඔහු 20යි 20 පිටියේ දී පසුගිය මාසයේ දී දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ.

සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා නිර්දේශ කර තිබූ සෙසු ක්‍රීඩකයින් දෙදෙනා වූයේ ඉන්දියාවේ අක්සාර් පටෙල් හා ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන්

මේ අතර, අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තේරී පත් වුණේ ඉන්දීය නායිකා හර්මන්ප්‍රීට් කොවුර්.

Leave a comment