Ultimate magazine theme for WordPress.

ICC නව සභාපති නිතරගයෙන් පත් වන ලකුණු

දෙවැනි වරටත් ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) සභාපති ධූරය සදහා නවසීලන්ත ජාතික Greg Barclay තේරී පත් වීමට නියමිතව ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

2020 වසරේ දෙසැම්බර් මාසයේ දී යි ඔහු පළමු වරට සභාපති ධූරය සදහා තේරී පත් වුණේ.

සභාපතිවරයෙකුට තෙවරක් අයි.සී.සී සභාපති ධූරයේ කටයුතු කළ හැකි අතර, එක් ධූර කාලයක් වසර දෙකක කාලයක් සදහා වලංගු වනවා.

විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ මෙවර නිළවරණය සදහා ඔහු සමග වෙනත් කිසිදු ප්‍රතිවාදී අපේක්ෂකයෙකු තරග නොකරනු ඇති බවයි.

සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ සභාපති Tavengwa Mukuhlani අයි.සී.සී සභාපතිවරයා තේරීමට අදාළ නිලවරණය සදහා තරග කිරීමට නාම යෝජනා ලබා දී තිබුණ ද, ඔහු එය ඉවත් කර ගැනීමට සූදානමින් සිටින බව සදහන්.

අයි.සී.සී නිලවරණය හෙට(12) මෙල්බර්න් හී දී පැවැත්වීමට නියමිතයි.

Show Comments (1)