Ultimate magazine theme for WordPress.

ICC ටෙස්ට් ශූරතාවලියේ ශූරයින්ට හිමිවන මුදල නිවේදනය කෙරේ; ශ්‍රී ලංකාවටත් මුදල්

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ආරම්භ වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි.

ලබන 18 වනදා සිට 22 වනදා දක්වා අවසන් මහා තරගය එංගලන්තයේ සවුත්හැම්ටන් හී දි පැවැත්වීමට නියමිතව ඇත්තේ නවසීලන්තය සහ ඉන්දියාව අතරයි.

මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු ශූරයින් ලෙස ඉතිහාසගත වනු ඇති.

ඔවුන්ට අයි.සී.සී ටෙස්ට් ශූරතා සෙන්කෝලය සමග අමෙරිකානු ඩොලර් මිලියන 1.6 ක මුදලක් හිමි වීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය අද(14) නිවේදනය කළේ.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 31ක් පමණ වනවා.

අනුශූරයින්ට හිමිවන මුදල අමෙරිකානු ඩොලර් 800,000ක් වන අතර, ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායමට අමෙරිකානු ඩොලර් 450,000ක මුදලක් හිමි වනු ඇති.

ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය සදහා ඩොලර් 350,000 ක මුදලක් හිමි වනවා.

පස් වැනි ස්ථානය සදහා හිමිවන මුදල ඩොලර් 200,000 ක් බව අයි.සී.සීය සදහන් කළා.

කණ්ඩායම් 9ක් සහභාගී වූ ලෝක ටෙස්ට් ශූරතාවලියේ සෙසු කණ්ඩායම් 4 සදහා ඩොලර් 100,000 බැගින් හිමි වීමට නියමිතයි.

Leave a comment