Ultimate magazine theme for WordPress.

ESPNcricinfo Awards : සියලු සම්මානලාභීන් මෙන්න – ශ්‍රී ලාංකිකයෙකුටත් සම්මානයක්

සුප්‍රකට ක්‍රිකට් වෙබ් අඩවියක් වන ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් 2023 වසරට අදාළව ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ දක්ෂතා මත පදනම්ව සිය සම්මානලාභින්ගේ ලැයිස්තුව (ESPNcricinfo Awards) මේ වන විට නිවේදනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් 6 දෙනෙකු, ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු, කොදෙව් ජාතිකයින් තිදෙනෙකු, දකුණු අප්‍රිකානු ජාතිකයින් දෙදෙනෙකු ද සම්මානලාභීන් අතරට ඇතුළත්.

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද මෙහිදී සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ, වසරේ කාන්තා එක්දින පිතිකරණය (Women’s ODI batting) සදහා පිරිනැමුණු සම්මානයයි. චමරි විසින් නවසීලන්තයට එරෙහිව වාර්තා කළ ලකුණු 140 හේතුවෙනුයි ඇයට එම සම්මානය හිමි වුණේ.

පිරිමි ටෙස්ට් පිතිකරණය සදහා වන සම්මානය ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් හිමි කර ගත්තා. ඒ, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව වාර්තා කළ ලකුණු 163 වෙනුවෙන්.

වසරේ පිරිමි එක්දින පිතිකරණය සදහා වන සම්මානය ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැක්ස්වෙල් හිමි කර ගත්තේ ලෝක කුසලාන තරගාවලියේ දී ඇෆ්ඝනිස්තානයට එරෙහිව ඔහු නොදැවී වාර්තා කළ ලකුණු 201 සදහායි.

වසරේ නායකයාට හිමි සම්මානය ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් හිමි කර ගත්තා. ඔහුගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියාව පසුගිය වසරේ දී එක්දින ලෝක ක්‍රිකට් ශූරයින් ලෙසත්, ටෙස්ට් ලෝක ශූරයින් ලෙසත් කිරුළු පළදිනු ලැබුවා.

සම්පූර්ණ සම්මානලාභීන් ලැයිස්තුව පහතින් –

The winners

  • Men’s Test batting: Travis Head 163 vs India
  • Men’s Test bowling: Nathan Lyon 8 for 64 vs India
  • Men’s ODI batting: Glenn Maxwell 201 not out vs Afghanistan
  • Men’s ODI bowling: Mohammed Shami 7 for 57 vs New Zealand
  • Men’s T20I batting: Suryakumar Yadav 112 not out vs Sri Lanka
  • Men’s T20I bowling: Alzarri Joseph 5 for 40 vs South Africa
  • Men’s T20 leagues batting: Nicholas Pooran 137 not out vs Seattle Orcas
  • Men’s T20 leagues bowling: Yuzvendra Chahal 4 for 29 vs Sunrisers Hyderabad
  • Women’s ODI batting: Chamari Athapaththu 140 not out vs New Zealand
  • Women’s ODI bowling: Marufa Akter 4 for 29 vs India
  • Women’s T20I batting: Hayley Matthews 132 vs Australia
  • Women’s T20I bowling: Ayabonga Khaka 4 for 29 vs England
  • Women’s T20 leagues batting: Grace Harris 136 not out vs Perth Scorchers
  • Women’s T20 leagues bowling: Amanda-Jade Wellington 3 for 16 vs Brisbane Heat
  • Associate batting: Bas de Leede 123 vs Scotland
  • Associate bowling: Brandon McMullen 5 for 34 vs Ireland
  • Debutant of the year: Gerald Coetzee
  • Captain of the year: Pat Cummins
Leave a comment