ඉන්දියාව ලකුණු 242ක් පිටුපසින්
Day 2 Report

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(8) නිමා වුණා.
ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 96ක්.
ෂුබ්මන් ගිල් ලකුණු 50ක් රැස් කළ අතර, රෝහිට් ෂර්මා ලකුණු 26යි.
පන්දු යැවීමේ දී පැට් කමින්ස් සහ ජොෂ් හෙසල්වුඩ් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.
සිඩ්නි හි පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 166ක් ලබා සිටියා.
ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 338කට සීමා වුණේ ස්ටීව් ස්මිත්ගේ ශතකයෙන් සවිමත් වෙමින්.
පළමු තරග දෙකේ දී අසාර්ථක වූ ඔහු මෙම ඉනිමේ දී ලකුණු 131ක් ලබා ගත්තේ හතරේ පහර 16ක් ඉනිමට එක් කරමින්.
ඉනිමේ අවසන් කඩුල්ල ලෙස ස්මිත් දැවී ගියේ රවීන්ද්‍ර ජඩේජාගේ සුපිරි පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යාමකට ගොදුරු වෙමින්. (දර්ශන පහතින්)
මර්නස් ලබුෂේන් ලකුණු 91කට දැවී ගියා.
පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා කඩුලු 4ක් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා සහ නව්දීප් සයිනි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
ඒ අනුව ඉන්දියාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 242ක්.
Ravindra Jadeja You’re amazing. What an incredible Run out. Steve Smith out with a Outstanding Throw run out by Jadeja. #AUSvINDtest #AUSvIND #AUSvsINDpic.twitter.com/CzDCjUz1bl
— 🏏Cricket Videos📹 (@cricket_videos_) January 8, 2021