Ultimate magazine theme for WordPress.

CSK සුපිරි ආරම්භක පිතිකරුවාට IPL තරගාවලියම අහිමි වන ලකුණු

නවසීලන්ත ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අර්ධයටත් වඩා වැඩි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් මාපටැඟිල්ලෙහි සිදුව ඇති අස්ථි බිදී යාම නිසා මෙම සතියේ දී ශල්‍යකර්මයකට මුහුණ දීමට කොන්වේට සිදුව ඇති බැවින්.

ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ද ක්‍රීඩා කිරීමට හැකි වන්නේ නැහැ.

ශල්‍යකර්මයෙන් පසුව ඔහුට අවම වශයෙන් සති අටක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වන බව සදහන්.

කොන්වේ අදාළ ආබාධයට මුහුණ දුන්නේ ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවැනි විස්සයි 20 තරගය අතරතුර දී කඩුලු රකිමින් සිටියදී යි.

ආබාධයෙන් පසුව ඔහු කඩුලු රැකීමේ කටයුතුවල ද නිරත නොවූ අතර, පන්දුවට පහර දීමට ද කටයුතු කළේ නැහැ.

ආබාධය හේතුවෙන් ඔහුට තෙවැනි විස්සයි 20 තරගය මෙන්ම දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ද අහිමි වුණා.

2023 අයි.පී.එල් ශූරතාවය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන කොන්වේ පසුගිය අදියරේ අවසන් මහා තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

Leave a comment