Ultimate magazine theme for WordPress.

CPL ප්‍රේක්ෂකාගාරයට ආ කාඩ්බෝඩ් නරඹන්නන්

කොරෝනා වසංගත තත්ත්වයක් සමග ක්‍රිකට් තරග තාවකාලිකව අත්හිටුවීමෙන් පසුව ලොව ආරම්භ වූ ප්‍රථම ප්‍රධාන දේශීය ක්‍රිකට් ලීග් තරගාවලිය වන කැරිබියන් ප්‍රිමියර් ලීගයේ පළමු තරගය ඊයේ(18) පැවැත්වුණා.

නමුත් තරග නරඹන්නන්ට ප්‍රේක්ෂකාගාරයේ අසුනක අසුන් ගෙන තරග නැරඹීමට මෙවර තරගාවලියේ දී අවස්ථාවක් ලබා නොදීමටයි තරග සංවිධායකයින් පියවර ගෙන ඇත්තේ.

ඒ කොවීඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්.

කෙසේ වෙතත්, බළධාරීන් විසින් ඊට හරි අපූරු පිළියමක් ගෙන තිබුණා.

එනම් කාර්ඩ්බෝඩ්වලින් සැකසූ තරග නරඹන්නන්ගේ සේයාරූ ප්‍රේක්ෂකාගාරයේ ප්‍රදර්ශනය කර තබමින්.

එවැනි සිදුවීමක් ක්‍රිකට් පිටියේදී ඔබ දුටු ප්‍රථම අවස්ථාව මෙය බව නම් සැක නැහැ.


Leave a comment