Ultimate magazine theme for WordPress.

CPL තරගාවලියේ දින තහවුරු කෙරේ

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 18 වනදා සිට සැප්තැම්බර් 20 වනදා දක්වා පැවැත්වෙන බව තහවුරු කර තිබෙනවා.

තරගාවලිය ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබෑගෝ හී දී යි පැවැත්වීමට නියමිතව ඇත්තේ.

තරගාවලිය පැවැත්වීම සදහා වන අනුමැතිය රජයේ බළධාරීන් විසින් ලබා දී ඇති බව සදහන්.

ඒ අනුව කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසුව පැවැත්වෙන පළමු 20යි 20 ලීග් තරගාවලිය බවට මෙය පත් වීමට ඉඩ තිබෙනවා.

සියලු තරග ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව පැවැත්වීමට නියමිතයි.

සියලු ක්‍රීඩකයින් සහ නිළධාරීන් එක් හෝටලයක රැදවීමට තීරණය කර ඇති බවත්, එරටට පැමිණෙන සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණවලට ලක් වීමෙන් පසුව පළමු සති දෙකක කාලය නීරෝධායන නීතිවලට අනුකූලව කටයුතු කළ යුතු බවත්, සදහන්.

මෙවර තරගාවලිය සදහා ඉන්දීය ක්‍රීඩක Pravin Tambe ද එක් වන අතර, ඔහු CPL තරගාවලියට එක් වන පළමු ඉන්දීය ක්‍රීඩකයා ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

Leave a comment