CPL අගෝස්තු 28 ඇරඹේ

2021 කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 28 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ශාන්ත කිට්ස් හා නෙවිස් (St Kitts & Nevis) හී දී තරගාවලියේ සියලු තරග පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
කොරෝනා වංසගතය හේතුවෙන් 2020 තරග වාරය ද ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝහී දී පමණක් පැවැත්වුණා.