Ultimate magazine theme for WordPress.

BPL ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී (Draft) තෝරා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලැයිස්තුව

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් හෙවත් බී.පී.එල් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (Draft) අද(27) සිදු කෙරුණා.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කණ්ඩායම් කිහිපයක් විසින් තෝරා ගැනීම විශේෂත්වයක්.

කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ද ධනුෂ්ක ගුණතිලක සමග ෆෝර්චුන් බරිසල් කණ්ඩායම ( fortune barishal) ගිවිසුම් ගතව තිබුණා.

කුල්නා ටයිගර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතව තිබුණේ තිසර පෙරේරා හා භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින්.

සිල්හෙට් කණ්ඩායම දිනේෂ් චන්දිමාල් සමග ද, ඩකා කණ්ඩායම ඉසුරු උදාන සමග ද කෙටුම්පත් කිරීමේ අවස්ථාවට පෙර ගිවිසුම් ගතවුණා.

කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී කුල්නා ටයිගර්ස් කණ්ඩායම විසින් සීක්කුගේ ප්‍රසන්න සිය කණ්ඩායමට තෝරා ගනු ලැබුවා.

ඇන්ජෙලෝ පෙරේරා මිලදී ගනු ලැබුවේ සිල්හෙට් කණ්ඩායම විසිනුයි.

ෆෝර්චුන් බරිසල් කණ්ඩායම විසින් නිරෝෂන් දික්වැල්ල තෝරා ගනු ලැබුවා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී කුසල් මෙන්ඩිස් කොමිල්ලා වික්ටෝරියන්ස් කණ්ඩායම විසිනුයි තෝරා ගෙන ඇත්තේ.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මීළග තරග වාරය ජනවාරි 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment