Ultimate magazine theme for WordPress.

Abu Dhabi T10 පළමු තරගයෙන් Gladiators කණ්ඩායමට ලකුණු 22 ක ජයක්

Match Report

2023 Abu Dhabi T10 ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් New York Strikers කණ්ඩායම පරදා ලකුණු 22 ක ජයක් වාර්තා කිරීමට Deccan Gladiators කණ්ඩායම අද(28) සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ Strikers කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Gladiators කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 118 ක් ලබා ගත්තා.

Tom Kohler-Cadmore ලකුණු 68 ක් නොදැවී ලබා ගත්තේ පන්දු 33 කින්. හයේ පහර 6 ක් හා හතරේ පහර 4 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී චාමික කරුණාරත්න ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Strikers කණ්ඩායමට පන්දුවාර 10 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 96 ක් පමණයි.

Muhammad Waseem ලකුණු 26 ක් හා Asif Ali ලකුණු 24 ක් රැස් කළා. කුසල් පෙරේරා ලකුණු 11කට දැවී ගිය අතර, චාමික කරුණාරත්න නොදැවී ලකුණු දෙකයි.

පන්දු යැවීමේ දී Zahoor Khan ලකුණු 12 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

Leave a comment