Ultimate magazine theme for WordPress.

70 වැනි තරගය වැස්සට සේදෙයි – SRH පළමු අවසන් තරගයට – අවසන් වටයේ කාලසටහන මෙන්න

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය තහවුරු කර ගනිමින් අවසන් වටයේ පළමු තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අද(19) රාත්‍රියේ සමත් වුණා.

ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ගුවහාටිහී දී පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය හෙවත් 70 වැනි තරගය කිසිදු පන්දුවක් නොයවාම වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදු වීමත් සමගයි.

මෙම තරගය ජය ගත්තේනම් රාජස්ථාන් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් වටයේ පළමු තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව පැවතුණා.

ප්‍රසාද ලකුණු 20 ක් ලබා ගත් කොල්කටා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයත්, ප්‍රසාද ලකුණු 17 ක් හිමි කර ගත් හයිදරාබාද් කණ්ඩායම (NRR 0.414) දෙවැනි ස්ථානයත්, ප්‍රසාද ලකුණු 17 ක් හිමි කර ගත් රාජස්ථාන් කණ්ඩායම (NRR 0.273) තෙවැනි ස්ථානයත් දිනා ගනිමින් මූලික වටය අවසන් කළ අතර, ප්‍රසාද ලකුණු 14 ක් සමග රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සිව්වැනි ස්ථානය දිනා ගත්තා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් කොල්කටා හා හයිදරාබාද් කණ්ඩායම් එළඹෙන 21 වැනිදා අහ්මදාබාද්හී දී අවසන් වටයේ පළමු තරගය හෙවත් Qualifier 1 තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය සදහා ක්‍රීඩා කරන්නේ රාජස්ථාන් හා බැංගලූරු යන කණ්ඩායම්. එම තරගය එළඹෙන 22 වැනිදා අහ්මදාබාද් හී දී ම පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු අවසන් තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 26 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා. පරාජයට පත් වන කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය සදහා ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ අවසන් වටයේ දෙවැනි තරගයෙන් ජය ගන්නා කණ්ඩායමට එරෙහිවයි.

Qualifier 2 තරගය එළඹෙන 24 වැනිදා චෙන්නායි හී දී පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරගය ද පැවැත්වෙන්නේ චෙන්නායි ක්‍රීඩාංගනයේ දී යි.

IPL 2024 PLAY-OFFS

  • Qualifier 1 – KKR vs SRH on May 21, Ahmedabad.
  • Eliminator – RCB vs RR on May 22, Ahmedabad .
  • Qualifier 2 – Losing team in Qualifier 1 vs Winner of Eliminator on May 24, Chennai
  • ‍Final – Winner of Qualifier 1 vs Winner of Qualifier 2 on May 26, Chennai

IPL 2024 - Points Table (Updated on May 19)

TEAMS M W L PT NRR
KKR (Q) 14 9 3 20 1.428
SRH (Q) 14 8 5 17 0.414
RR (Q) 14 8 5 17 0.273
RCB (Q) 14 7 7 14 0.459
CSK (E) 14 7 7 14 0.392
DC (E) 14 7 7 14 -0.377
LSG (E) 14 7 7 14 -0.667
GT (E) 14 5 7 12 -1.063
PBKS (E) 14 5 9 10 -0.353
MI (E) 14 4 10 8 -0.318
Leave a comment