Ultimate magazine theme for WordPress.

23 න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය 16 වැනිදා ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වනු ලබන වයස අවුරුදු 23 න් පහළ අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය කණ්ඩායම් 26 කගේ සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 16 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඔක්තෝම්බර් මස 11 වැනිදා තරගාවලිය අවසන් වනු ඇති.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර තරගාවලියේදී කණ්ඩායම් 2 ක වැඩි වීමක් සිදුව ඇති බව සදහන්.

කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව A සහ D කාණ්ඩ යටතේ කණ්ඩායම් 7 බැගින් ද,  B සහ C කාණ්ඩ යටතේ කණ්ඩායම් 6 බැගින් ද තරග කරනවා.

අදාළ කාණ්ඩවල ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට නියමිත අර්ධ අවසන් තරග වටයට සුදුසුකම් ලබනු ඇති.

පසුගියදා නිමාවට පත් වූ අන්තර් සමාජ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් මෙන්ම වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රීඩකයින් රැසක් ද මෙම තරගාවලිය නියෝජනය කිරීමට නියමිතයි.

පසුගිය වසරේ පැවැති තරගාවලියේ ශූරතාව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය විසින් දිනා ගනිද්දී හලාවත මේරියන්ස් කණ්ඩායම එහි අනුශූරයින් බවට පත්වුණා.

Leave a comment