Ultimate magazine theme for WordPress.

2027 ලෝක කුසලානයට කණ්ඩායම් සුදුසුකම් ලබන අයුරු ICC නිවේදනය කරයි

2027 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට රටවල් සුදුසුකම් ලබා ගන්නා ආකාරය ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(13) තහවුරු කළා.

තරගාවලිය සදහා රටවල් 14 ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඉන් රටවල් 10 ක් සෘජුවම තරගාවලිය සදහා සුදුසුකම් ලැබීමට නියමිතයි.

තරගාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ දකුණු අප්‍රිකාව හා සිම්බාබ්වේ යන රටවල්.

ඒ අනුව එම රටවල් ද්විත්වය තරගාවලියේ සත්කාරකත්වය දැරීම හේතුවෙන් මේ වනවිටත් ලෝක කුසලාන තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා අවසන්.

අයි.සී.සී එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන සෙසු රටවල් 8 ද තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගන්නා බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් පසුවන රටවල් 8 කුමන දිනයක් අවසන් වන විට තෝරා ගන්නේ දැයි මෙතෙක් නිවේදනය කර නැහැ.

සෙසු රටවල් 4 තෝරා ගනු ලබන්නේ ගෝලීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින්.

Show Comments (1)