Ultimate magazine theme for WordPress.

2024 IPL තරගාවලියේ අර්ධ කාලසටහනක් නිවේදනය කෙරේ

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අර්ධ කාලසටහනක් තරගාවලියේ සංවිධායකයින් විසින් නිවේදනය කර තිබෙනවා.

මාර්තු 22 වැනිදා සිට අප්‍රේල් 7 වැනිදා දක්වා වන තරගාවලියේ පළමු දින 17 ට අදාළ තරග කාලසටහන මෙලෙස නිවේදනය කර ඇති අතර, ඉන්දීය මහමැතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අයි.පී.එල් තරගාවලියේ සංවිධායකයින් විසින් ඉතිරි තරග කාලසටහන ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

නිවේදනය කෙරුණු තරග කාලසටහනට තරග 21 ක් ඇතුළත්. එක් දිනකදී තරග දෙක බැගින් පැවැත්වෙන දින 4ක් ද තරග කාලටසහනට ඇතුළත් කර තිබෙනවා.

තරගාවලියේ සමාරම්භක තරගය මාර්තු 22 වැනිදා පැවැත්වෙන්නේ වත්මන් අයි.පී.එල් ශූර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.

චෙන්නායි හි MA Chidambaram ක්‍රීඩාංගනයේ දී එම තරගය පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2023 අදියරේ අනුශූරයින් වූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සිය පළමු තරගයට ක්‍රීඩා කරන්නේ මාර්තු 24 වැනිදා අහ්මදාබාද් හී දී එම කණ්ඩායමේ හිටපු නායකයා වන හර්ඩික් පාන්ඩ්යා මේ වන විට නායකත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිවයි.

අයි.පී.එල් තරගාවලියට ඇතුළත් සමස්ත තරග සංඛ්‍යාව 74 ක්. තරගාවලියේ අවසන් මහා තරගය මැයි 26 වැනිදා පැවැත්වීමට නියමිත අතර, T20 ලෝක කුසලානය ආරම්භ වීමට එතැන් සිට ඉතිරිව ඇත්තේ දින පහක කාලයක් පමණයි.

එළඹෙන අයි.පී.එල් තරග වාරය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 6 දෙනෙකු ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

එනම්, ඩිල්ෂාන් මදුෂංක (MI), නුවන් තුෂාර (MI), වනිදු හසරංග (SRH), මතීෂ පතිරණ (CSK), මහීෂ් තීක්ෂණ (CSK) හා දුෂ්මන්ත චමීර (KKR) යන ක්‍රීඩකයින්.

තරග කාලසටහන –

Leave a comment