Ultimate magazine theme for WordPress.

2023 ලෝක කුසලානයේ වැඩිම ලකුණුලාභීන් හා කඩුලුලාභීන් මෙන්න

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ඊයේ රාත්‍රියේ නිමා වුණේ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා හා වැඩිම කඩුලුලාභියා ඉන්දියාවෙන් බිහි කරමින්.

තරගාවලියේ ශූරතාවය දිනූ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන හිමි කර ගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තේ තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වූ විරාත් කෝලි.

කෝලි ඉනිම 11 කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 765 ක්. රෝහිත් ෂර්මා එහි දෙවැනි ස්ථානයත්, ක්වෙන්ටන් ඩී කොක් එහි තෙවැනි ස්ථානයත් හිමි කර ගත්තා.

වැඩිම කඩුලුලාභියා බවට පත් වෙමින් මෙවර ලෝක කුසලානය නිමා කළේ ඉන්දියාවේ මොහමඩ් ෂාමි. ඔහු ඉනිම් 7කදී දවා ගත් කඩුලු ගණන 24 ක්.

දෙවැනි ස්ථානය කඩුලු 23 ක් දවා ගත් ඇඩම් සම්පාටත්, තෙවැනි ස්ථානය කඩුලු 21 ක් දවා ගත් ඩිල්ෂාන් මදුෂංකටත් හිමි වුණා.

Top Run Scorers

විරාත් කෝලි (IND) – 765 runs (11 Innings)
රෝහිත් ෂර්මා (IND) – 597 runs (11 Innings)
ක්වෙන්ටන් ඩී කොක් (SA) – 594 runs (10 Innings)
රචින් රවීන්ද (NZ) – 578 runs (10 Innings)
ඩැරල් මිචෙල් (NZ) – 552 runs (9 Innings)

Top Wicket Takers

මොහමඩ් ෂාමි (IND) – 24 wickets (7 Innings)
ඇඩම් සම්පා (AUS) – 23 wickets (11 Innings)
ඩිල්ෂාන් මදුෂංක (SL) – 21 wickets (9 Innings)
ජස්ප්‍රිට් බුම්රා (IND) – 20 wickets (11 Innings)
ජෙරාල්ඩ් කොට්සියා (SA) – 20 wickets (8 Innings)

Leave a comment