Ultimate magazine theme for WordPress.

2022 ලෝක කුසලානයේ කාලසටහන එළිදකියි, සුදුසුකම් ලැබීමේ තරග ජූනි 26 සිට ශ්‍රී ලංකාවේ දී

2022 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන අද(15) ප්‍රකාශයට පත් කෙරුණා.

කණ්ඩායම් 8කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය මාර්තු 4 වැනිදා සිට අප්‍රේල් 3 වනදා දක්වා පැවැත්වෙන බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

පළමු තරගය මාර්තු 4 වැනිදා Tauranga හී දී පැවැත්වෙන්නේ සත්කාරක නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ තරගාවලියට සුදුසුකම් ලබන කණ්ඩායමක් අතරයි.

Auckland, Tauranga, Hamilton, Wellington, Christchurch සහ Dunedin යන ක්‍රීඩාංගනවලදී තරග පැවැත්වෙනු ඇති.

තරගාවලියට ඇතුළත් සමස්ත තරග සංඛ්‍යාව 31ක් වන අතර, අවසන් තරගය ක්‍රයිස්චර්ච් හී දී පැවැත්වීමට නියමිතයි.

එක්දින ලෝක කුසලාන තරගාවලිය 2021 වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් තරගාවලි රැසක දින සංශෝදනය කිරීමත් සමගයි මෙම තරගාවලිය ද 2022 වසර දක්වා කල් දැමුණේ.

මේ වන විට නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව යන රටවල් 5 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ඇති අතර, තවත් කණ්ඩායම් 3ක් තේරී පත් වන්නේ ලබන ජූනි 26 වනදා සිට ජූලි 10 වනදා දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයක් තුළින්.

Tournament fixtures by venue :
*denotes day/night

  • Bay Oval, Tauranga

Fri 04 Mar 2022 New Zealand v Qualifier*
Sun 06 Mar 2022 Qualifier v India*
Tue 08 Mar 2022 Australia v Qualifier *
Fri 11 Mar 2022 Qualifier v South Africa*
Mon 14 Mar 2022 South Africa v England*
Wed 16 Mar 2022 England v India*
Fri 18 Mar 2022 Qualifier v Qualifier

  • University Oval, Dunedin

Sat 05 Mar 2022 Qualifier v South Africa
Mon 07 Mar 2022 New Zealand v Qualifier
Wed 09 Mar 2022 Qualifier v England

  • Seddon Park, Hamilton

Sat 05 Mar 2022 Australia v England*
Thu 10 Mar 2022 New Zealand v India*
Sat 12 Mar 2022 Qualifier v India*
Mon 14 Mar 2022 Qualifier v Qualifier
Thu 17 Mar 2022 New Zealand v South Africa*
Mon 21 Mar 2022 Qualifier v Qualifier*
Tue 22 Mar 2022 India v Qualifier*

  • Basin Reserve, Wellington

Sun 13 Mar 2022 New Zealand v Australia
Tue 15 Mar 2022 Australia v Qualifier
Tue 22 Mar 2022 South Africa v Australia
Thu 24 Mar 2022 South Africa v Qualifier
Fri 25 Mar 2022 Qualifier v Australia
Sun 27 Mar 2022 England v Qualifier
Wed 30 Mar 2022 Semi-Final 1

  • Eden Park, Auckland

Sat 19 Mar 2022 India v Australia*
Sun 20 Mar 2022 New Zealand v England

  • Hagley Oval, Christchurch

Thu 24 Mar 2022 England v Qualifier*
Sat 26 Mar 2022 New Zealand v Qualifier
Sun 27 Mar 2022 India v South Africa*
Thu 31 Mar 2022 Semi-Final 2*
Sun 03 Apr 2022 FINAL*

Leave a comment