Ultimate magazine theme for WordPress.

2021 T20 ලෝක කුසලානයේ සත්කාරකත්වයට ශ්‍රී ලංකාවත් යෝජනා වෙයි

ADVERTISEMENT

ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත 2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අවශ්‍ය වුවහොත් යොදා ගැනීමට සත්කාරක රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ද ඒ සදහා නම් කර ඇති බව සදහන්.

කොරෝනා වසංගත තත්ත්වය ද පදනම් කර ගෙනයි එම තීරණය ගෙන ඇත්තේ.

පසුගිය සතියේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කළේ 2021 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ දී ම පැවැත්වීමටයි.

කෙසේ වෙතත්, කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවට මේ වන විට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මෙම වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022 වසර දක්වා කල් දැමුණු බවයි අයි.සී.සීය සදහන් කළේ.

Leave a comment