Ultimate magazine theme for WordPress.

2007 න් පසු දකුණු අප්‍රිකාව පාකිස්තානයට

එළඹෙන ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වන බව දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය අද(9) නිවේදනය කළා.

ඒ, ටෙස්ට් තරග දෙකක් සහ 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීම සදහායි.

ඒ අනුව ජනවාරි 26 වනදා සිට පෙබරවාරි 14 වනදා දක්වා අදාළ තරග පැවැත්වීමට නියමිත අතර, සියලු තරග කරච්චි, රාවල්පින්ඩි සහ ලාහෝර්හී දී පැවැත්වෙනු ඇති.

මෙය 2007 වසරෙන් පසුව දකුණු අප්‍රිකා කණ්ඩායම පාකිස්තාන තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාවයි.

දකුණු අප්‍රිකා කණ්ඩායම ජනවාරි 16 වනදා පාකිස්තානයට ළගා වන අතර, අනතුරුව පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර නිරෝධායන කාල සීමාවක් ද ගත් කරනු ඇති.

පසුව දකුණු අප්‍රිකානු සංචිතයේ ක්‍රීඩකයින් අතරම පුහුණු තරගද පැවැත්වීමට නියමිත බව සදහන්.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජනවාරි 26 වනදා කරච්චි හී දී ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය දකුණු අප්‍රිකා කණ්ඩායම පාකිස්තානයේ දී ක්‍රීඩා කරන පළමු 20යි 20 තරගාවලිය ලෙස ඉතිහාසයට එක් වනු ඇති.

Leave a comment