Ultimate magazine theme for WordPress.

20යි 20 ලෝක කුසලානය නිල වශයෙන් කල් දැමේ

ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත වූ 2020 අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.

මේ වන විට ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

අද පැවැති අයි.සී.සී රැස්වීමේදී මේ පිළිබද අවසන් තීරණය ගෙන ඇති බව සදහන්.

ඒ අනුව 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එම වසරේ ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවලදී පැවැත්වීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

2022 වසරේ දී ද පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට තීරණය කර ඇති අතර, එය එම වසරේ ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවලදී පැවැත්වෙනු ඇති.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එම වසරේ ඔක්තෝම්බර් – නොවැම්බර් මාසවලදී ඉන්දියාවේ දී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

Leave a comment