Ultimate magazine theme for WordPress.

20යි 20 ලෝක කුසලානය ගැන අයි.සී.සීය අද ගත් තීන්දුව මෙන්න

2020 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සහ 2021 කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය නියමිත පරිදි පැවැත්විය හැකිද යන්න සම්බන්ධයෙන් ඉදිරියේ දී තවදුරටත් සාකච්ඡා කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) අද තීරණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ තරගාවලි පැවැත්විය හැකි ආකාරය පිළිබද විවිධ සැලසුම් ලබන මාසය දක්වා තවදුරටත් ගවේෂණය කිරීමට අයි.සී.සීය එකගතාවයට එළඹ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

අද(10) පැවැති අයි.සී.සී රැස්වීමේ දි මෙම එකගතාවයට එළඹ ඇති බව සදහන්.

කොරෝනා වෙරසය හේතුවෙන් වේගයෙන් වෙනස් වන මහජන සෞඛ්‍ය තත්වය ඇගයීමට ලක් කිරීමට සහ අඛණ්ඩව තක්සේරු කිරීමට ද අයි.සී.සීය සිය එකගතාවය පළ කර ඇත්තේ සියලු දෙනාගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කරමින් අදාළ තරගාවලි පැවැත්වීම අරමුණු කර ගනිමින්.

Leave a comment