Ultimate magazine theme for WordPress.

20යි 20 තීරණය ලබන සතියේ

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්විය හැකිද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලබන සතියේ දී ගැනීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ඒ, ලබන සතියේ පැවැත්වෙන අයි.සී.සී මණ්ඩල රැස්වීමේ දී යි.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝම්බර් 18 වනදා සිට නොවැම්බර් 15 වනදා දක්වා ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි විදෙස් වාර්තා අණාවරණය කරන්නේ.

මීළග අයි.සී.සී මණ්ඩල රැස්වීම පැවැත්වෙන දිනය මෙතෙක් තීරණය කර නැතත්, එය ලබන සතියේ දී පැවැත්වීමට ඉඩ ඇති බව සදහන්.

 

Leave a comment