Ultimate magazine theme for WordPress.

20යි 20 තරග 7කට, එක්දින 3කට සහ ටෙස්ට් දෙකකට පාකිස්තාන සංචිත නම් කෙරේ

20යි 20 තරග 7කින්,  එක්දින තරග 3කින් සහ ටෙස්ට් තරග දෙකකින් යුත් එළඹෙන දකුණු අප්‍රිකා සහ සිම්බාබ්වේ තරග සංචාර සදහා වන පාකිස්තාන සංචිත නම් කර තිබෙනවා.

මොහොමඩ් හෆීස් සහ ෂඩාබ් කාන් යළිත් 20යි 20 සංචිතයට කැදවා ඇති අතර, ෂඩාබ් කාන් එහි උප නායකයා ලෙස ද යළි කටයුතු කිරීමට නියමිතයි.

2016 වසරේ දී අවසන් වරට පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කළ ෂර්ජීල් කාන් ද 20යි 20 සංචිතයේ  ස්ථානයක් හිමි කර ගැනීම විශේෂත්වයක්.

මේ අතර, එක්දින සංචිතයෙන් වහබ් රියාස් සහ ඉමාඩ් වසීම් ඉවත් කර තිබෙනවා.

ටෙස්ට් සංචිතය සදහා ආබාධයකට ලක්වීම හේතුවෙන් යසීර් ශාහ් නම් කර නැහැ.

මෙම සංචාරයේ දී පාකිස්තාන කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 4ක් ක්‍රීඩා කරනු ඇති.

අනතුරුව සිම්බාබ්වේ දේශයට ළගා වන පාකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරග 2ක් සහ 20යි 20 තරග 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

පාකිස්තාන සංචිත පහතින් –

T20I: Babar Azam (c) , Shadab Khan (vc), Arshad Iqbal , Asif Ali , Danish Aziz, Faheem Ashraf , Haider Ali, Haris Rauf , Hasan Ali , Mohammad Hafeez , Mohammad Hasnain , Mohammad Nawaz , Mohammad Rizwan , Mohammad Wasim Jnr , Sarfaraz Ahmed , Shaheen Shah Afridi , Sharjeel Khan, Usman Qadir

ODI: Babar Azam (c) , Shadab Khan (vc), Abdullah Shafique , Danish Aziz , Faheem Ashraf , Fakhar Zaman , Haider Ali, Haris Rauf , Hasan Ali , Imam-ul-Haq , Mohammad Hasnain , Mohammad Nawaz , Mohammad Rizwan , Mohammad Wasim Jnr, Sarfaraz Ahmed , Saud Shakeel , Shaheen Shah Afridi , Usman Qadir

Test: Babar Azam (c) , Mohammad Rizwan (vc), Abdullah Shafique , Abid Ali , Azhar Ali , Faheem Ashraf , Fawad Alam , Haris Rauf , Hasan Ali , Imran Butt , Mohammad Nawaz , Nauman Ali , Sajid Khan , Salman Ali Agha , Sarfaraz Ahmed , Saud Shakeel , Shaheen Shah Afridi , Shahnawaz Dahani , Tabish Khan , Zahid Mahmood

Leave a comment