Ultimate magazine theme for WordPress.

1996 ලෝක ශුරතාවයේ 25 වන සැමරුම වෙනුවෙන් ක්‍රිකට් තරගයක්

1996 ලෝක ක්‍රිකට් ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සැමරුම් ක්‍රිකට් තරගයකට එක්වීමට නියමිතව තිබෙනවා.

ඒ, ලෝක ශූරතාවය ජයග්‍රහනය කර වසර 25ක් සපිරීම නිමිත්තෙන්.

මාර්තු 26 – 28 අතර මෙම තරගය යාපනය ක්‍රිකට් කණ්ඩායමකට එරෙහිව යාපනයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාව 1996 වසරේ මාර්තු 17 වනදා ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමින් ලෝක ශූරතාවය දිනා ගත් අතර, එළඹෙන මාර්තු 17 වනදා ද ඊට සමගාමීව සැමරුම් උත්සව සංවිධාන කර තිබෙනවා.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මෙවර “Road Safety World Series” තරගාවලියට 1996 ලෝක කුසලානය ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගී නොවීමට තීරණය කර ඇති බව මීට පෙර වාර්තා වුණා.

මෙරට සංවිධාන කර ඇති විවිධ සැමරුම් උත්සව සදහා සහභාගී වීමේ අරමුණින් ඔවුන් අදාළ තරගාවලියට එක් නොවන බවටයි වාර්තා වන්නේ.

Leave a comment