Ultimate magazine theme for WordPress.

100 වැනි ටෙස්ට් තරගයේ දී රූට්ගෙන් ශතකයක් – Day 1 Report

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(5) නිමා වුණා.

ඒ වන විට තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි එංගලන්තය කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 263ක්.

සිය 100 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන නායක ජෝ රූට් තම 20 වන ශතකය වාර්තා කරමින් නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 128ක්.

ඩොම් සිබ්ලි ලකුණු 87කට දැවී ගියා.

ඔවුන් දෙදෙනා අතර 3 වන කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 200ක්.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2ක් බිද හෙලුවා.

Leave a comment