100% ට බෑ කියූ නිසා බොපාරා LPL හැර යයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිතව සිටි රවී බොපාරා ද මේ වන විට තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.
ඔහු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සදහායි මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ.
තරගාවලිය සදහා ඔහුට හිමිවිය යුතු සියලු මුදල් තරගාවලියට පෙරම ලබා දිය යුතු බවට රවී බොපාරා ඉල්ලා තිබුණා.
කෙසේ වෙතත්, ඒ සදහා යාපනය කණ්ඩායම් කළමණාකාරීත්වය එකගතාවය ලබා දී නැහැ.
ඒ හේතුවෙනුයි ඔහු තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇත්තේ.