Ultimate magazine theme for WordPress.

ෆේස්බුක් භාවිතා කරන ඔබට සංගාගෙන් පණිවිඩයක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර තමාගේ නමින් වෙනත් පිරිසක් විසින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අදහස් පල කර තිබෙනවා.

Kumar Sangakkara for better Sri Lanka නමින් පවත්වාගෙන යන මෙම ෆේස්බුක් පිටුව හා තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි  හෙතෙම කියා සිටියේ.

මුහුණු පොත ඔස්සේ සිය තොරතුරු දැන ගැනීමට හා ඉදිරියේ සිදුකිරීමට බලාපොරොත්තු වන කටයුතු සම්බන්ධව දැනගැනීමට කැමත්තෙන් පසුවන රසික පිරිසට ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තමාගේ නිල ෆේස්බුක් පිටුව පමණක් පරිශීලනය කරන ලෙසයි.

Leave a comment