Ultimate magazine theme for WordPress.

ෆ්රේසර්-මැක්ගර්ක් රසිකයින්ට සුබ ආරංචියක්

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා අතිරේක ක්‍රීඩකයින් දෙදෙනෙකු රැගෙන යාමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය අවධානය ‌යොමු කර තිබෙනවා.

ඒ අනුව ජේක් ෆ්රේසර්-මැක්ගර්ක් හා මැතිව් ශෝර්ට් 15 දෙනෙකුගෙන් යුත් ප්‍රධාන සංචිතයට 16 වැනි හා 17 වැනි ක්‍රීඩකයින් ලෙස නම් කිරීමට ඉඩ ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

තරගාවලිය අතරතුර දී යම් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් එම ක්‍රීඩකයා වෙනුවට ආදේශ කිරීම සදහා මෙලෙස අතිරේක ක්‍රීඩකයින් රැගෙන යාම සිදු කරනවා.

මීට පෙර තේරීම් කමිටු සභාපති ජෝර්ජ් බේලි සදහන් කර සිටියේ ඔවුන් එක් අතිරේක ක්‍රීඩකයෙකු පමණක් තරගාවලිය වෙනුවෙන් රැගෙන යාමට සැලසුම් කර ඇති බවයි.

කෙසේ වෙතත්, මෙවර අයි.පී.එල් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වූ ජේක් ෆ්රේසර්-මැක්ගර්ක් ද අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට නම් කිරීමටයි මේ වන විට අවධානය යොමු කර ඇත්තේ.

Leave a comment