Ultimate magazine theme for WordPress.

ෆෆ් ඩු ප්ලෙසිස් පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට

දකුණු අප්‍රිකානු හිටපු නායක ෆෆ් ඩු ප්ලෙසිස් මෙවර පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා එක්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව පෙශාවර් සල්මි කණ්ඩායම සදහා ඔහු ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

කොරෝනා වසංගතය නිසා කල් දැමීමට සිදු වූ 2020 පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 4 ලබන 14 වනදා සිට 17 වනදා දක්වා කරච්චි හී දී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, තරගාවලියට මීට පෙර එක් වූ විදෙස් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම විවිධ හේතූන් මත ඉතිරි තරග සදහා ක්‍රීඩා නොකරනු ඇති.

මේ අතර, ටමිම් ඉක්බාල් සහ මහ්මුදුල්ලාට පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දීමට සූදානම් බව ද විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළා.

Leave a comment