Ultimate magazine theme for WordPress.

ෆර්ගසන් හා ගුර්බාස් නයිට් රයිඩර්ස් කණ්ඩායමට

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් හා ඇෆ්ඝනිස්තාන පිතිකරු රහ්මනුල්ලාහ් ගුර්බාස් එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග වාරය වෙනුවෙන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙන් මිලදී ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

ලොකී ෆර්ගසන් අයි.පී.එල් ශූර ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් පසුගිය තරග වාරයේ දී තරග 13 කදී කඩුලු 12 ක් දවා ගැනීමට සමත් වුණා.

රහ්මනුල්ලාහ් ගුර්බාස් පසුගිය තරග වාරයේ දී ටයිටන්ස් සංචිතය සමග එක්ව සිටියද ඔහු කිසිදු තරගයක් ක්‍රීඩා කළේ නැහැ.

එංගලන්ත පිතිකරු ජේසන් රෝයි වෙනුවටයි ඔහුව ටයිටන්ස් සංචිතයට ආදේශ කර තිබුණේ.

මීට පෙර ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Jason Behrendorff රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සංචිතයෙන් සිය සංචිතය සදහා මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කළා.

Show Comments (1)