Ultimate magazine theme for WordPress.

ෆකාර් සමාන් ලෝක කුසලානයෙන් ඉවතට

පාකිස්තාන මුල් පෙල පිතිකරු ෆකාර් සමාන්ට මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ දකුණු දණහිසෙහි සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට මොහමඩ් හැරිස් පාකිස්තාන සංචිතයට නම් කිරීමටයි එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දකුණු දණහිසේ ආබාධය හේතුවෙන් ෆකාර් සමාන් මෙවර 20යි 20 ලෝක කුසලානය සදහා වන පාකිස්තාන සංචිතයට පළමුව ඇතුළත් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත්, ආබාධය සම්පූර්ණයෙන් සුව වී නොතිබූ පසුබිමක ඔහුව සංචිතයට කැදවීමටයි පසුව පාකිස්තාන තේරීම් කමිටුව පියවර ගත්තේ.

Show Comments (1)