Ultimate magazine theme for WordPress.

හෝල්ඩර් කොදෙව් ටෙස්ට් නායකත්වයෙන් ඉවතට

ADVERTISEMENT

බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් නායකත්වය දැරූ ජේසන් හෝල්ඩර් වෙනුවටයි.

බ්‍රැත්වෙයිට් මීට පෙර ටෙස්ට් තරග 7කදී කොදෙව්වන් මෙහෙයවා තිබූ අතර, මෑතකදී නිමා වූ බංග්ලාදේශ තරග සංචාරයේ දී ඔහු ටෙස්ට් කණ්ඩායම මෙහෙයවමින් තරග 2-0ක ජයක් කොදෙව්වන්ට හිමි කර දුන්නා.

ඒ අනුව ඔහු 37 වන කොදෙව් ටෙස්ට් නායකයා ලෙසයි ඉතිහාසයට එක් වන්නේ.

ජේසන් හෝල්ඩර් එරට ටෙස්ට් කණ්ඩායම 2015 වසරේ සිට තරග 37කදී මෙහෙයවා තිබුණා.

එහිදී තරග 11ක් ජය ගත් කොදෙව්වන්, තරග 5ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිද්දී තරග 21ක් පරාජයට පත් වුණා.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන කොදෙව් සංචිතය අද(12) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Leave a comment