හෝමාගම ක්‍රීඩාංගනය ගැන කළ වැරැදි ප්‍රකාශයට ගම්මන්පිල සමාව ගනියි

හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත නව ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමා පසුගියදා වැරැදි ප්‍රකාශයක් සිදු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.
නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රදානයක් ලබා දී ඇති බවට තමා විසින් වැරදි ප්‍රකාශයක් සිදු කළ බවත්, ඒ සම්බන්ධයෙන් කණගාටුව පල කරන බවත්, ඔහු එම ට්විටර් පණිවිඩය ඔස්සේ සදහන් කර තිබෙනවා.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් වී තමා එම ප්‍රකාශය සිදු කළ බවයි උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ.
බන්දුල ගුණවර්ධන ඇමතිතුමා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් වී නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින් ප්‍රදානයක් ලබා දී ඇති බවට මා විසින් වැරදි ප්‍රකාශයක් කිරීම පිලිබඳ කණගාටුව පල කරමි.
— Udaya Gammanpila (@UPGammanpila) May 20, 2020