Ultimate magazine theme for WordPress.

“හෙලිකොප්ටර් පහර නැති වුණා.” දිමුත්ගෙන් දෝනිට පණිවිඩයක්

ADVERTISEMENT

ඉන්දීය සුපිරි පිතිකරු සහ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ජගත් ක්‍රිකට් පිටියට සමු දෙන බවට ප්‍රකාශ කිරීමත් සමග මේ වන විට ඔහුගේ අනාගත දිවියට ලොව නන් දෙසින් සුබ පැතුම් ලැබෙමින් පවතිනවා.

ඒ අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් ද ඇතුළත්.

ශ්‍රී ලංකා එක්දින සහ ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේ එක් යුගයක අවසානය දෝනිගේ සමු ගැනීමත් සමග සනිටුහන් වන බවයි.

එමෙන්ම හෙලිකොප්ටර් පහරවල් ද ඉදිරියේ දි දැක ගැනීමට නොහැකි වනු ඇති බව දිමුත් සදහන් කර සිටියා.

ඉන්දියාවේ විශිෂ්ඨතම නායකයා මෙන්ම ලෝකයේ හොදම ඉනිම් අවසන් කරන්නෙකු ලෙසයි දිමුත් කරුණාරත්න විසින් මහේන්ද්‍ර සිං දෝනිව මෙහිදී හදුන්වනු ලැබුවේ.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් දෝනිට සහ අද දින ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගත් සුරේෂ් රයිනාට සුබ පැතුම් එක් කළා.

Leave a comment