Ultimate magazine theme for WordPress.

හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ශෙහාන්ට ක්‍රිකට් ආයතනයෙන් දඩුවම්

හෙරොයින් ළග තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ශ්‍රී ලංකා නවක වේග පන්දු යවන ක්‍රීඩක ශෙහාන් මධුසංක සම්බන්ධයෙන් ඉදිරියේ දී ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි උසස් නිළධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළේ මෙතෙක් අදාළ ක්‍රීඩකයා සම්බන්ධයෙන් සහ සිද්ධිය සම්බන්ධයෙන් සියලු තොරතුරු ක්‍රිකට් ආයතනයට ලැබී නොමැති බවයි.

සියලු තොරතුරු ලැබීමෙන් පසුව ඔහු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන බව එම උසස් නිළධාරියා වැඩිදුරටත් කියා සිටියා.

බදාදා(27) පැවැත්වෙන ක්‍රිකට් ආයතනයේ මීළග රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගනු ඇති බව ද සදහන්.

Leave a comment