Ultimate magazine theme for WordPress.

හෙටින් ඇරඹෙන ලෝක කුසලානයේ පුහුණු තරග කාලසටහන හා සජීවී විකාශය සිදුවන්නේ මෙහෙමයි

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග හෙට(29) සිට ආරම්භ වනවා.

ඉන්දියාවේ ක්‍රීඩාංගන තුනක දී පුහුණු තරග පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සඳහන් කළේ.

ඒ අනුව ගුවහාටි, හයිදරාබාද් හා තිරුවානන්තපුරම් හී දී පුහුණු තරග සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝබර් 3 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

සෑම කණ්ඩායමක්ම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර පුහුණු තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු පුහුණු තරගය හෙට බංගලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

පුහුණු තරග යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි හා අවසන් තරගය ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වෙන්නේ ඔක්තෝබර් 3 වැනිදායි.

ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පුහුණු තරග දෙකම පැවැත්වෙන්නේ ගුවහාටි හී දී යි.

පුහුණු තරග සියල්ල මෙරට වේලාවෙන් පස්වරු 2 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පුහුණු තරඟ Star Sports මාධ්‍ය ජාලය හරහා සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ අනුව හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා- බංග්ලාදේශ තරගය Star Sports 2 හා TV 1 නාලිකා ඔස්සේ සජීවීව නැරඹිය හැකියි.

www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ ද තරගය නැරඹීමට හැකියාව පවතිනවා.

World Cup warm-up fixtures:

  • Friday 29 September

Bangladesh v Sri Lanka, Barsapara Cricket Stadium, Guwahati
South Africa v Afghanistan, Greenfield International Stadium, Thiruvananthapuram
New Zealand v Pakistan, Rajiv Gandhi International Stadium, Hyderabad

  • Saturday 30 September

India v England, Barsapara Cricket Stadium, Guwahati
Australia v Netherlands, Greenfield International Stadium, Thiruvananthapuram

  • Monday 2 October

England v Bangladesh, Barsapara Cricket Stadium, Guwahati
New Zealand v South Africa, Greenfield International Stadium, Thiruvananthapuram

  • Tuesday 3 October

Afghanistan v Sri Lanka, Barsapara Cricket Stadium, Guwahati
India v Netherlands, Greenfield International Stadium, Thiruvananthapuram
Pakistan v Australia, Rajiv Gandhi International Stadium, Hyderabad

Leave a comment